එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමග සිටින්නේ නම් නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියේය.
ශුද්ධ සන්ධානයක් !
රටේ වංචා දූෂණය හෙළි කිරීමේදී මේ වන විට ඊට එරෙහිව චෞර ප්‍රභූ සන්ධානයක් බිහි වී තිබෙන බවත්, එම චෞර ප්‍රභූ සන්ධානයට විකල්පයක් ලෙස රටට ආදරය කරන ශුද්ධ සන්ධාන බිහි විය යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදී ප්‍රකාශ කළේය.
මේ ආණ්‌ඩුව තුළ තමා යන්නේ අසීරු ගමනක් බවත් දූෂණයට එරෙහිව කුමන අභියෝග පැමිණියත් ඊට මුහුණ දෙන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
