ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නව දෙනකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (18) තීරණය කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු නවයක් පැවැති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැඳවූ බවත්, සම්මූඛ පරීක්ෂණයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනකු සහභාගී වූ බවත් පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
එම සම්මූඛ පරීක්ෂණය අනුව ලකුණු ලබා ගත් අනුපිළිවෙළින් නව දෙනකු අධියර දෙකක් යටතේ නියොජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට අද (18) ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර, කේ වී ඩී ජේ කරවිට, එස් ඩබ්ලිව් එම් සේනාරත්න, යූ පී ඒ ඩී කේ පී කරුණානායක, පී සී ඒ ධනපාල සහ ජී එම් එච් බී සිරිවර්ධන යන අය 2019 පෙබරවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර ඇතැයි පොලිස් කොමිසම පවසයි.
පී කේ ඩී ප්‍රියන්ත, එන් එල් සී සම්පත් කුමාර සහ එම් එම් සිසිර කුමාර 2019 ජූලි දෙවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කරනු ලැබ සිටිති.
ඉදිරියේදී නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ඇතිවන පුරප්පාඩු අනුව ලැයිස්තුවේ ඊළගට සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කරන බව ද පොලිස් කොමිෂන් සභාව කියයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
