Image

දිට්වා සුළි කුණාටුවට බඳුන් වූ අය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක්

දිට්වා සුළි කුණාටුවට බඳුන් වූ අය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක්

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබා දීමේ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් අද (22) ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණ.

ඒ අනුව, අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල ඉතා ගැටලුකාරී අවස්ථාවක දී හැර සෙසු අවස්ථාවල සියලු ප්‍රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙසත්, පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීම හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහි දි සොයා බැලුණු අතර, එම වන්දි මුදල් කඩිනමින් ගෙවීමට කටයුතු කරන ලෙස ද මෙහි දී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ය.

තවමත් කඳවුරුවල ජීවත් වන ජනතාවට නව නිවසක් ලබා දෙන තෙක් තාවකාලික නිවාසවල පදිංචි කිරිම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අධිඅවදානම් කලාපවල ජීවත්වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, නව නිවසක් මිලදී ගැනීම සඳහා වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරිමේ සැලසුම් පිළිබඳවද විමසා බැලිණි.

ජනාධිපති මාධ්‍ය අංශය

672691276 1545555516940672 4406158405946268812 n

678897379 1545555493607341 1502735773966465023 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න