සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සීඝ්‍රයෙන් පැතිර යන FaceappChallenge මගින් පරිශීලකයන්ගේ දත්ත අනාරක්ෂිත තත්යකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනුයේ ජංගම දුරකතනයේ ඇති සියලුම ඡායාරූප එම යෙදුම නිර්මාණය කළ පුද්ගයන් වෙත උඩුගත කරන්නේ ද යන්න පිළිබඳව ගැටලු මතුවී ඇති බවය. එසේම මෙම යෙදුම නිර්මාණය කළ පුද්ගලයෙක්, එය භාවිත නොකරන ලෙස ට්විටර් පණිවිඩයක් මගින් පරිශීලකයන් වෙත අවවාද කර ඇතැයි ද එම නිවේදනයේ දැන්වේ.
එසේම මෙම යෙදුම ස්ථාපනය කර ඇති ජංගම දුරකතනයේ පවතින ඡායාරූපවලට පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව පිවිසීමේ හැකියාවක් ඇතැයි ද නවතම සොයාගැනීම්වලින් අනාවරණය වී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනය පහත පලවේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
