ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් හත් දෙනාගෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක රෝහල් ගතවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා සමන් දිසානායක අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) එම අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සමන් දිසානායක සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යළිත් දන්වා තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
