පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී හා පොලිස් පරීක්ෂක යන තනතුරුවල නියැලෙන නිළධාරීන් 8කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇත.
සේවයේ අවශ්‍යතාව අනුව මෙම ස්ථාන ලබා දීමට කටයුතු කර ඇති අතර ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාශයේ කටයුතු කළ පොලිස් අධිකාරී ඩබ්.කේ.ජේ.ආර්. ඩයස් මහතා කැළණිය කොට්ඨාශ භාර නිළධාරියා ලෙසත්, රත්නපුර කොට්ඨාශයේ පොලිස් අධිකාරී පී.ඒ.ඩී.ඒ. විජේරත්න ඇඹිලිපිටිය කොටිඨාශභාර නිළධාරියා ලෙසත් පත් කර ඇත.
ඊට අමතරව පොලිස් අධිකාරී ඩබ්.පී. ද සිල්වා ජයසිංහ මහතා නුගේගොඩ කොට්ඨාශයේ සිට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශ අධ්‍යක්ෂ ලෙසද, පොලිස් අධිකාරී කේ.කේ.අයිද සිල්වා මහතා ගම්පහ කොට්ඨාශයේ සිට බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් පත් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
