ලංකාව අවට මුහුදේ ‘‘පාවෙන අවි’’ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නම් කර ඇති 08 දෙනා අතර සිටි ‘‘රක්නා ලංකා‘‘ ආයතනයේ සභාපති වික්ටර් සමරවීර අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
වික්ටර් සමරවීර අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ බාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසීය.
අත්අඩංගුවට ගත් වික්ටර් සමරවීර ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
