තවත් වසර හයක් රටේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය තබා ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්ය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රාජපක්ෂවරු 6 දෙනෙක් එක්ව ඇති බවත් පැවසු ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා , නමුත් එක්සත් ජාතික පක්ෂයේ එවැනි ක්‍රියාවලියක් නොමැති බව ද පැවසීය.
කෘතියාධිකාරී මණ්ඩලය මඟින් මුළු ලංකාවම නියෝජනය වන බවත් එය කැඳවා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
දිනන්න පුළුවන් කෙනෙක් පත් කරන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පමණක් නොවෙයි උතුරු නැගෙනහිර ඡන්ද ගත යුතු බව ද පැවසීය.
ආණ්ඩුව ලේසියෙන් බාර නොදෙන බවත් තවත් වසර 6ක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
