ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ මේ වන විට වැඩ තහනම්ව සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන දෙදෙනාම අද (02) රෝහල් ගතව ඇති බව වාර්තා වෙයි.
පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව ජනාධිපති සිරිසේනගේ ත්‍රිපුද්ගල කමිටු අතුරු වාර්තාව පදනම් කරගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් වැඩ බලන පොලිස්පති සී .ඩී. වික්‍රමරත්න වෙත දන්වා තිබිණ.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද මේ දැනුම්දීම සිදුකර ඇති අතර ඒ අනූව මේ දෙදෙනාම අද ඒ වෙත කැඳවා තිබිණ.
එහෙත් ඔවුන් රෝහල් ගතව ඇති අතර හේමසිරි ප්‍රනාන්දු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට සහ පූජිත ජයසුන්දර නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත්ව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
