සාමය හා ආදරය පෙරටුකොටගත් බෞද්ධ දර්ශනය තාලෛබාන්කරණයට ලක්වීමට එරෙහිව සියලු බෞද්ධයින් එක්විය යුතු යයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
එවැනි නියෝග සිවුරෙන් මතුවුවද තවත් මිනිසෙකුට ගල් ගසා මරා දැමීමේ ප්‍රකාශයක් කිසිම බෞද්ධයෙකුට අනුමත කළ නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
ඇමතිවරයා ටුවිටර් සටහනක් තබමින් එම කාරණය සඳහන් කර ඇත්තේ අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් පසුගියදා සිදුකල අතිශයින් කුරිරු ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
නීතිය වැඩක් නැතැයි ද, මුස්ලිම් දොස්තර ගල්ගසා මරා දැමිය යුතු යැයිද, අපේ අයෙක් නම් පෙතිගසා මරා දමනවා යැයිද කියමින් අස්ගිරි පාර්ශවයේ මහා නායකයක හිමියන් පසුගියදා දේශනා කළ සේක.
මුදල් අමාත්‍ය මංගල සමරවීර තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
