තේරීම් කාරක සභාව අඛණ්ඩව ඉදිරියට ගෙනයන්න : ත්‍රෛනිකායික භික්ෂුන්ගෙන් ඉල්ලීමක් !

තේරීම් කාරක සභාව අඛණ්ඩව ඉදිරියට ගෙනයන්න : ත්‍රෛනිකායික භික්ෂුන්ගෙන් ඉල්ලීමක් !

අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු පිළිබඳව කරුණු දැක්වීම සඳහා ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (18) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී හමුවී ඇති අතර, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වන වැදගත් අංගයක් වන අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකර සත්‍යය අනාවරණය කරනු දැකීම ස්වකීය අපේක්ෂාව මෙහිදී භික්ෂුන් වහන්සේලා සඳහන් ක‍ර ඇති බව වාර්තා වෙයි.

එසේම මෑතකදී ඇති වූ දින 52 ව්‍යවස්ථා අර්බුදයේ දී ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට එඩිතරව ඉදිරිපත් වී කටයුතු කළ කථානායකවරයාගේ ක්‍රියාකළාපය පිළිබඳව තමන් තුළ විශේෂ ප්‍රසාදයක් ඇති බවත් උන්වහන්සේලා සඳහන් කර ඇති බවත් දැනගන්නට ඇත.

මෙම අවස්ථාවට පහත නම් සඳහන් ස්වාමින් වහන්සේලා වැඩම කර සිටියහ.

1 මාතලේ ටැඹව රජමහා විහාරාමාධිපති ගලේවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, මාතලේ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක දේවහූවේ චන්දානන්ද නා හිමි.
2 බෝයගොඩ සුගතාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වෑඋඩවිල්ලි හත්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ඇහැලේපොල ඉන්ද්‍රජෝති නා හිමි.
3 හෙට්ටිපොල විමලෝදය පරිවේණාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කරකොලේ පියදස්සි නා හිමි.
4 සියම් නිකායේ මල්වතු පාර්ශවයේ සත්කෝරළ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක, විශ්වකීර්ති ශ්‍රී මහගල්කඩවල පුණ්‍යසාර නා හිමි.
5 උයන්දන ශ්‍රී සුමංගල පරිවේණාධිපති ශාස්ත්‍රවේදී කෝවානේ පාලිත හිමි.
6 ගනේගොඩ රජමහා විහාරාමාධිපති රාජකීය පණ්ඩිත උයන්ගල්ලේ ඥාණරතන හිමි
7 මාවතගම උල්ගල්පාය ආරාමාධිපති ඊරිමිත්තේ පියනන්ද හිමි.
8 වයඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක කොටිකාපොල සාරානන්ද හිමි.
9 මාවතගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් ලිලිවැවේ ඥාණානන්ද හිමි.
10 ජයසිරිගම සුදම්මන හිමි
11 කොබෙයිගනේ ධම්මාලෝක හිමි
12 අලව්වේ ධම්මික හිමි
13 කොරළේගම සද්ධාවිමල හිමි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න