ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතා එපා : වැඩ කරන්න - අගමැති රනිල් දන්වයි !

ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතා එපා : වැඩ කරන්න - අගමැති රනිල් දන්වයි !

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස්දී ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (17) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී අගමැතිවරයා මේ බව සඳහන් කළ බව ඊට සහභාගි වූ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු සදහන් කර ඇත.

මේ අවස්ථාව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන කතා කළ යුතු අවස්ථාවක් නොවන බවත් 2015 දී පොරොන්දු වූ වැඩ කොටස ඉවර කළ යුතු බවත් අගමැතිවරයා පැවසූ බවද ඔවුන් සදහන් කර තිබේ.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව පක්ෂයක් ලෙස පොදු තීන්දුවක් ගැනීම වෙනුවට විවිධ පාර්ශව විසින් ඒ සම්බන්ධව විවිධ අදහස් දැක්වීම පක්ෂ සමගියට හානියක් බවත් එබැවින් අවස්ථාව එළැඹෙන තුරු ජනතාව වෙත ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට වෙහෙසිය යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න