පිබිදෙමු පොළොන්නරුවේ බස් නැවතුම්පොළ බිම : බස් - මගීන් කබලෙන් ලිපට !

පිබිදෙමු පොළොන්නරුවේ බස් නැවතුම්පොළ බිම : බස් - මගීන් කබලෙන් ලිපට !

 "පිබිදෙමු පොළොන්නරුව” නමින් ජනාධිපති සිරිසේනගේ මූලිකත්වයෙන් දියත් වූ සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 100ක මුදලක් වැයකරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිඟුරක්ගොඩ නගරයේ ඉදිකරමින් තිබූ බස් නැවැතුම්පළක් අද (14) පස්වරුවේ කඩාවැටී ඇති බව වාර්තා වෙයි.

ඒ සමග මගී ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කර එය ජනතාවට තහනම් ප්‍රදේශයක් බවට පත් කිරීමට හිගුරක්ගොඩ පොලිසිය කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

මෙහි පළමු මහලේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින් ඉදිකර අවසන් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ අගෝස් 01 දින ජනතා අයිතියට පත් කරනු ලැබූ අතර එහි ඉහළ මහළයේ වැඩ කටයුතු මේවන විට ආරම්භ කර ඇත.

එහි ඉදිකිරීම් සිදුකරමින් සිටියදී පහළ මහලයේ එක් කොටසක් කඩා වැටීමට පටන් ගෙන ඇති අතර ඉදිකිරීම් නවතා දමා ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමත් සමඟ පොලිසිය වහාම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එය ජනතාවට තහනම් කලාපයක් කර ඇති අතර ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම බස් නැවැතුම්පොළ ඉදිකිරීම් ආරම්භ කළ දින සිට සියලු ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බවත් ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද විසඳුමක් ලබා නොදුන් බවද ජනතාව පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න