ඉන්දීය සාගර කලාපය ගැටුම්වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය අගය කරන බව සිංගප්පුරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ.ශම්මුගම් සඳහන් කර ඇත.
ඒ සඳහා පුර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව සිංගප්පුරුවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවේදී සිංගප්පුරු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සමඟ ද සාකච්ඡා පැවැත්වු අතර සමාජ ආර්ථික හා දේශපාලන කරුණු රැසක් පිළිබඳ එහිදී අවධානය යොමු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීම හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් පිළිබඳව අනුගමනය කළ යුතු සාමුහික පියවර සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවලදී අදහස් හුවමාරු වී ඇති බවය ආග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

