රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
එම චක්‍රලේයෙන් පැනනැගුණ විරෝධය හේතුවෙන් මෙසේ චක්‍රලේඛය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි පැවසේ.
රජයේ ආයතනවල නිලධාරීන්ට කමිසය සහ කලිසමත්, නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියත් අඳීම අනිවාර්ය වන අතර කිසිදු නිලධාරියෙක් මුහුණ ආවරණය නොකර අනන්‍යතාවය හඳුනාගත හැකි අයුරින් සිටිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් කර තිබිණ.
මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමක දී රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කර ඇත්තේ තවත් සංශෝධනයක් කර එය නැවත නිකුත් කරන බවයි.
අත්හිටුවා තිබෙන චක්‍රලේඛය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
