කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට එරෙහිව එල්ලවූ චෝදනාවෙන් අනතුරුව මතුව ඇති තත්ත්වය හමුවේ වෛද්‍ය වෘත්තිකයන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකිය නැතිනම් මතුව ඇති තත්ත්වය තවත් ව්‍යාකුල වනු ඇති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධව තම සංගමය දැඩි අවධානයකින් පසුවෙන බවද එහි සඳහන් කර ඇත.
අදාළ බලධාරීන් මේ වන විටත් ආරම්භ කර ඇති පරීක්ෂණ විධිමත් ලෙස සහ කඩිනමින් අවසන් කරනු ඇති බව තම අපේක්ෂාව බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
