Image

ජනපති නව අවුරුදු සැමරුමට එක් වෙයි

ජනපති නව අවුරුදු සැමරුමට එක් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (14), සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් ම දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර, ගල්නෑව ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න ගේ නව නිවසේ පැවති අලුත් අවුරුදු සැමරුමට එක් විය.

පසුගිය නොවැම්බර් මාසයේ සිදු වූ දිට්වා ව්‍යසනයෙන් පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස තුනක කාලයක් තුළ මෙම නිවස ඉදිකර තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි කෙරෙන නව නිවාස හයෙන් එකකි. එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස 66කටද මේ වන විට වන්දි ගෙවා අවසන් කර ඇත.

මෙම කටයුතු කඩිනම් කර සියලු ලක්වැසි ජනතාවගේ ප්‍රීතිමත් අවස්ථාවක් වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුමේ සතුට එම පවුල්වල සියලුදෙනා වෙතද උදාකර දීමට ලැබීම පිළිබඳ හෘදයාංගමව සතුටු වන බවත්, දිට්වා අනතුරුව එළැඹි ගෝලීය අභියෝග ද හමුවේ පරාජය නොපිළිගෙන යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ මිනිසුන් සමග සාමූහිකව එකම නැකතකට ඒකාත්මික වන්නට ලැබීමද මහත් සතුටක් යැයි ජනාධිපතිවරයා එහි දී පැවසී ය.

ජනාධිපති මාධ්‍ය අංශය

ditwa h

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න