මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නියත වශයෙන්ම ඉදිරිපත් වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසා ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම සම්බන්ධව නොයෙක් වාර්තා පළ වූවත් කිසිසේත්ම එවැනි මුදලාලි කෙනෙකුට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එසේම එළඹෙන ඔක්තෝබර් මාසය වන විට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කවුද මුළු ලෝකයටම දැක ගතහැකි බව තමන් වගකීමෙන් පවසන බවත් මන්ත්‍රීවරයා පවසා ඇතැයි එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
