නව අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදි අද (29දා) පෙරවරුවේදී දිවුරුම් දී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර දිවුරුම්දී ඇත.
පී. හැරිසන් කෘෂිකර්ම , පශු සම්පත් සංවර්ධන හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර වෙත පවරා ඇති නමුත් ඊට පෙර එම විෂය පථය පැවතියේ පී. හැරිසන් අමාත්‍යවරයා යටතේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
