Image

ගල් අඟුරු වංචාවේ ඇත්ත දැන් හෙළිවෙමින් පවතිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ගල් අඟුරු වංචාවේ ඇත්ත දැන් හෙළිවෙමින් පවතිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ගල් අඟුරු වංචාවට විරුද්ධව බාල ගල් අගුරු ගෙන්වූ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වුව ද මේ මොහොත වන විට දවසින් දවන ගල් අඟුරු වංචාව පිළිබඳ සත්‍ය තොරතුරු, යථාර්ථය, සැබෑ තත්ත්ව රටට හෙලිදරව් වෙමින් පවතින බව විපක්ෂ නායකවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (13) තිස්සමහාරාමය නැදිගම්විල විල්පිට රජ මහා විහාරය, යටාලතිස්ස රජ මහා විහාරය සහ ආසනගල ශ්‍රී අභිනවාරාමය රන්මිණිතැන්න රජමහා විහාරයේ වැඩවසන ස්වාමින් වහන්සේලා මුණ ගැසී ආශිර්වාද ලබා ගෙන පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ට්‍රයිඩන් චෙම්පා නම් ආයතනය සැපයූ ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරයි

ගල් අගුරු කෙතරම් බාල වූවා ද කියනවා නම් අප රටට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුව ඇති බවත් ගල් අගුරු ටෙන්ඩරය ලබා දුන් බාල සමාගමට අදාළ නැව් ප්‍රමාණය ද ලබා දීමට අපොහොසත් වීම නිසා හදිසි මිල දී ගැනීමට පවා යොමුවීමට සිදුවූ බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව හදිසි මිලදී ගැනීමට පවා තෝරාගත් පාර්ශ්වයට පවා නිසි ප්‍රමිතියට ගල් අගුරු සැපයීමේ හැකියාව නොමැති බවට අනාවරණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය. මේ හදිසි මිලදී ගැනීමට සම්බන්ධ කරුණු රැසක් හෙළිදරව් වනවා. මේ තත්ත්වය ඇති වූයේ රජය ගල් අඟුරු සැපයීමේ වගකීම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සපයන ආයතනයකට අදාළ ටෙන්ඩරය ලබා දීම නිසා. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අවශ්‍ය සුදුසුකම් ලිහිල් කිරීම සිදු කර මේ ආයතනයට ටෙන්ඩරය ලබා දී තිබෙනවා. ගල් අඟුරු සපයන කාටල් එකක් තිබෙනවා. එය විනාශ කිරීමේ අරමුණින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කොන්දේසි ලිහිල් කර බවට ජනාධිපතිවරයා පැවසුවත් අවසානයේ ට්‍රයිඩන් චෙම්පා නම් ආයතනය සැපයූ ගල් අඟුරු බහුතරයක් ප්‍රමිතියෙන් තොර බවට බලාගාරයේ වාර්තාවලින් පවා ඔප්පු වී තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශ්වය මේ ගල් අඟුරු හොඳ බවට පැවසුවත් සමගි ජන බලවේගය සැබැ යථාර්ථය පෙන්වා දීමට කටයුතු කළා.

හදිසි මිලදී ගැනීම තුළත් බරපතළ අඩුපාඩු රැසක්

මෙහි: දූෂණයක්, වංචාවක්, හොරකම් සිදුව තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ලබා දෙනවා සේම නියමිත කාලයට පෙර ගල් අඟුරු ලබා දීමට පවා නොහැකි වී තිබෙනවා. හදිසි මිලදී ගැනීමේ පවා ගැටලු රැසක් පවතිනවා. මේ හදිසි මිලදී ගැනීම තුළත් බරපතළ අඩුපාඩු රැසක් පවතිනවා. මෙයත් වංචනික දූෂිත ක්‍රියාවක් බැවින් පැහැදිලි පරික්ෂණයක් අවශ්‍ය යි; විනිවිදභාවයෙන් යුක්ත පිරිසුදු පරික්ෂණයක් අවශ්‍ය යි. සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විශ්වාසභංග යෝජනාව පැරදුනත් මේ දූෂිත ගල් අගුරු වංචාව ගැන දැන් තොරතුරු අනාවරණය වනවා. ඉදිරි ප්‍රසම්පාදන පවා රහසිගත නොවී විවෘත විය යුතු යි. ජනතාවට මේ ගැන අවබෝධයක් තිබිය යුතු යි. ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තිබෙනවා. සෑම ක්ෂේත්‍රයක ම ටෙන්ඩර් ක්‍රියාවලිය විනිවිද විය යුතු නව යාන්ත්‍රණයක් අවශ්‍ය යි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න