බඩු මිල වැඩි වීම නිසා රටේ ජනතාව අන්ත අසරණ වී ඇති තත්ත්වයක් මතුව ඇති මොහොතක තමන් පත් කර ගත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ බඩු මිල ගැටලුවට විසඳුමක් දෙයි කියා ජනතාව අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
හු මෙම අදහස් පළ කළේ ඊයේ (12) හම්බන්තොට යෝධකණ්ය බෝධි මහා විහාරය, යෝධකණ්ය නාග මහා විහාරය සහ සිතුල්පව්ව මගුල් මහා විහාරයට පැමිණ, එහි වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුහුණ දෙන අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා, පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
බඩු මිල අඩු නොකළට ගල් අඟුරුවලින් නම් හොරා කෑවා
ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල, තෙල් මිල සහ ගෑස් වැඩි වීම, ආහාරපානවල මිල ද ඉහළ යාම මෙන්ම පොහොර හිඟයක් මතුවීම වැනි තත්ත්වයන් තුළ රටේ ආහාර සුරක්ෂිතභාවයට මරු පහරක් එල්ල වෙලා. මේ බඩුමිල වැඩිවීමට ලබා දෙන විසඳුම ජනාධිපතිවරයා ගෙන් සහ රජයෙන් ප්‍රශ්න කරනවා. මේ අවස්ථාවේ තෙල්, ගෑස් මිල සේම විදුලි බිල අඩු කිරීම, බඩු මිල අඩු කිරීම, පොහොර හා ඖෂධ මිල අඩු කිරීම ආදිය සිදුවිය යුතු වුවත් දශලක්ෂ සංඛ්‍යාත ජනතාව රවටා බලයට පැමිණි මේ රජයට තවමත් මේ බඩු මිල වැඩිවීමට විසඳුමක් ලබා දීමට නොහැකි වී තිබෙනවා. රජය ජනතාව අපේක්ෂා කරන බඩු මිල අඩු නොකෙරුවත් තමන් ගේ සුවච කීකරු ගෝලයන් උපයෝගී කර ගෙන ගල් අඟුරු වංචාවක් නම් ශක්තිමත්ව කාර්යක්ෂම සිදු කරනවා. මුලින් ගල් අඟුරුවල ගැටලුවක් නෑ කියා පසුව ගල් අඟුරුවල බාල බව පැවසුවත් අක්‍රමිකතාවක් හො වංචාවක් සිදුව නොමැති බවට පවසනවා. පැය 24ම මේ ආකාරයෙන් රටට විහිළු සපයන්නේ ඇයිද කියා රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් විමසනවා. කුඩා දරුවා ගේ සිට සෑම පුරවැසියෙකු ම මේ ගල් අගුරු බාලයි කියල දැන් දන්නවා.
ගල් අඟරු නිසා සිදුවූ පාඩුව වක්‍රව හෝ ජනතාවට දරන්න වෙනවා
අකාර්යක්ෂම පාලනයක් තුළ මේ ගල් අඟුරු වංචාව දිගින් දිගටම සිදු වුවත් එය නතර කරන්න රජය උත්සාහ ගත්තෙ නෑ. මේ නිසා 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ට හානි වන ආකාරයට මේ රජය බලශක්ති වැඩපිළිවෙළ මෙහෙය වූවා. මහජන උපයෝගීතා කොමිසම විසින් මේ ගල් අඟුරු පාඩුව නිසා සිදු වූ පාඩුව විදුලි පාරිභෝගිකයා ගෙන් අය කර ගන්නේ නැති බව පැවසුවත් මේ ගල් අඟුරු වංචාව නිසා නිශ්චිත විදුලි බලය ජනනය කරන්න නොහැකි වීම තුළ මේ මදිපාඩු වූ විදුලිය ඉන්ධන බලාගාර තුළින් නිෂ්පාදනය කිරිමට සිදු වන නිසා මෙහි පිරිවැය වැඩි වීම සෘජුව නොමැති වුවත් වක්‍රව හෝ ජනතාවට දරාගන්න සිදුවනවා.
මේ යන ආකාරයට නම් ජනතාවට ජීවත් වෙන්න බැහැ
ගල් අඟුරුවලට සාපේක්ෂව ඩීසල් බලාගාර තුළින් විදුලි ඒකකයක් නිපදවන්න යන මුදල ඉහළ යි. එක් පැත්තකින් මහජන උපයෝගීතා කොමිසම මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළත් මේ බාල ගල් අඟුරු භාවිත කර ඒ තුළින් ඇති වන පාඩුව විදුලි පාරිභෝගිකයාට වක්‍රව හෝ දරන්න සිදුවන නිසා අපේ රටේ ජනතාව පීඩනයට දුකට කණගාටුවට ලක්ව ඇති මොහොතක ඔවුන් ගේ අසහනය තුනී කරන්න නම් මේ බඩුමිල ගෑස් ඉන්ධන බෙහෙත් පොහොර විදුලි ආදියේ මිල අඩුකළ යුතු යි. මේ යන ආකාරයට නම් ජනතාවට ජීවත් වෙන්න බැරි වෙනවා. ආණ්ඩුවේ වගකීම ජනතාව ජිවත් කරවීම යි. මේ වෙනුවෙන් සමගි ජන බලවේගය ද ඉහළම කැපකිරීම සිදු කරනවා. ජනතාව ජීවත් කරවන සැම ව්‍යායාමකට ම නායකත්වය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
