විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට වෙඩි නොවදින මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් මණ්ඩලයට අද (28) යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
අදාල යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්ය.
එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ජනාධිපති සිරිසේන විසින් ලබන සතියට කල්තැබූ බවද දැනගන්නට තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
