හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට නැති පෞරුෂයක් වත්මන් ජනාධිපති සිරිසේනට ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.
හිරු රූපවාහිනියේ වැඩසටහනක අදහස් උන් වහන්සේ මෙම අදහස් දැක්වීය.
පුද්ගලයාගෙන් පුද්ගලයාට ද එක් එක් ආකාරයට පෞරුෂයක් ඇති බව ද කී උන්වහන්සේ වත්මන් ජනාධිපතිතුමන් තමන් නැවත වතාවක් හිරේ දමන්නට බැරි කෙනෙකුන් නොවන බවද පැවසීය.
ජනාධිපතිතුමනි ඔබට ගෞරවයක් ඇති වෙන ලෙස මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයා දෙන්නම් යැයි තමන් සහ තම මෑණියන් ජනාධිපතිවරයා සමග සඳහන් කළ බවද ඥාණසාර හිමියන් එහිදී පැවසීය
තමන් කිසිවිටකත් විට තමන්ට නිදහස ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටි බව ඥානසාර හිමි ජනාධිපති සිරිසේන අමුතු දේශපාලඥයකු වන බවත් අනෙක් බොහෝ දේශපාලනඥයින්ට වඩා ජනාධිපතිතුමා වෙනස් බවත් පවසා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
