ඉන්දීය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයක් ලබාගත් භාරතීය ජනතා පක්ෂයේ නායක අගමැති නරේන්ද්‍ර මෝදි ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඉන්දීය ජනතාව අග්‍රාමාත්‍ය මෝදිට සහාය පළකිරීමෙන් ඔහුගේ නායකත්වය ගැන ජනතා විශ්වාසය පැහැදිලි වී ඇතැයි තම පණිවුඩය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවත් සඳහන්ය.
දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ක්‍ෂේත්‍රවලදී සියවස් ගණනාවක තිස්සේ ඉන්දු - ලංකා සම්බන්ධතා පැවති බවද, නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි ධූර කාලයේදී දෙරට අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව නිසැක යැයි ද එම පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන්කර ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ජයග්‍රහණය සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ට්වීටර් ගිණුම හරහාද සුබ පැතුම් එක්කර ඇති අතර එය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
