පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සලකා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් කථානායකවරයා විසින් අද(23) ප්‍රකාශයට පත්කර ඇත.
අද (23) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මෙම පත් කිරීම් කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණි.
පාර්ලිමේන්තුවේ දෙවන නිවේදනය ලෙස ඊයේ(22) දිනයේ දී සම්මත වු යෝජනාව අනුව කථානායකවරයා විසින් මෙම විශේෂ කාරක සභාව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිංහගේ සභාපතීත්වය යටතේ පත් කර තිබේ.
ඒ අනුව මෙම කාරක සභාව සමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විතය.
විශේෂ කාරක සභාවේ සභාපතීත්වය නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිංහ වන අතර අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය රවුෆ් හකීම් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න හා එම්. ඒ. සුමන්තිරන් මෙහි අනෙක් සාමාජිකයන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
