කොළඹ තදාසන්න ප්‍රදේශයේ කප්පම් ගැනීම වෙනුවෙන් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළ නාවික හමුදා හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්, හිටපු ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් 7 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර ඇත.
මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත්කර ඇත්තේ අදාල නඩුව අද (21) කැදවූ අවස්ථාවේදීය.
මෙහි සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සම්බන්ධයෙන් සහ එම සිද්ධියට අදාළ විමර්ශනය සිදුකර කඩිනමින් කරුණු වාර්තා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට කරුණු වාර්තා කළේය.
සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 27 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේද ඒ අනුව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
