තව්හිද් ජමාත් හැදුවේ කවුද : හෙළිකරන්න තලතා සූදානම් !

තව්හිද් ජමාත් හැදුවේ කවුද : හෙළිකරන්න තලතා සූදානම් !

මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධානය හැදුවෙ කව්ද? මේවාට මුදල් දුන්නේ කව්ද? යන කරුණු නියම දවසට එළි කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කලේ රන් මාවත් සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත රත්නපුර දිස්ත්‍රික්කයේ ගබ්බෙල සිට කලල්ඇල්ල අම්බලන්වත්ත මාර්ගය රුපියල් මිලියන 500 ක වියදමින් කාපට් අතුරා නිම කිරීමට යෝජිත ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට (12) එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය,

“අමතක කරන්න එපා භාරගත්තේ මිලියන දහ දාහකට වැඩි ණයක් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතුරු කරලා ගිය වෙලාවක. ආරක්ෂක ලේකම්ලා හිටියා තමයි ඒ අය ගැන අපි ඉදිරියට කියනවා මොකද ඒ අය එනකං තමයි අපිත් එන්නේ තරඟ කරන්න. තරඟ කරන වෙලාවට අපි ඒ අයගෙ විස්තර කියන්නම්. මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධාන හැදුවෙ කව්ද, මේව පැටව් ගැහුවෙ කොහොමද, මේවට මුදල් දුන්නෙ කව්ද, මේවා ඔක්කොම හරි වෙලාවට එලි කරන්නම්. ඊයෙ පත්තරේ මම දැක්කා පෙරේදා පාර්ලිමේන්තුවේදි මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා, අපේ කාලෙ යුද්ධෙ උච්චතම අවස්ථාවෙවත් මාධ්‍යට අත තිබ්බෙ නෑ, මාධ්‍යට අත තිබ්බෙ නෑ මාධ්‍යවේදීන් උත්සන් ගියා. එතකොට මාධ්‍යට අත තියන්න දෙයක් නෑනෙ‍. ඕව ගැන ලසන්ත වික්‍රමතුංග මහත්තයා මගෙ බොහොම ලඟම යාළුවෙක්, ප්‍රගීත් එක්නැලිගොඩ මහත්තයාල, මේ රට මාධ්‍ය වේදීන් කීදෙනෙක් අත්හැරල ගිහිල්ලද, කීත් නොයාර්ලා, ඒගොල්ලන් ඒ වෙලාවට දැන්නම් සිල් ගත්ත වගේ කතා කරනවා. ඒ මහත්තයටත් අපි මතක් කරල දෙන්න සූදානම් හැබැයි එකක් හොඳට මතක තියාගන්න ඕනි, අපි ශිෂ්ඨ සම්පන්න රටක් හදන්න, යහපාලනය තුලින් පක්ෂ භේදයක් නැතුව වෙනත් කිසිම භේදයක් නැතුව හැම කෙනෙකුටම හොඳින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න