ත්‍රස්තවාදීන්ට එරෙහිව මුස්ලීම් ප්‍රජාව කරළියට !

ත්‍රස්තවාදීන්ට එරෙහිව මුස්ලීම් ප්‍රජාව කරළියට !

පාස්කු ඉරිදා ඛේදවාචකය දැඩි ලෙස හෙළාදකින අතර ත්‍රස්තවාදීන්ට එරෙහිව මුළු මහත් මුස්ලිම් සමාජයම නැගී සිටින බව මුස්ලිම් ආගමික නායකයින්, මුස්ලිම් දේශපාලනඥයින් සහ මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹදී අද(09) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.

ත්‍රස්තවාදීන්ට එවැනි ක්‍රියා සිදුකරන්නන්ට එරෙහිව මුස්ලිම් සමාජය දැඩි ලෙස නැගී සිටින අතර එවැනි පිරිස් මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට උපරිම සහාය ලබාදෙන බවද එහිදී මුස්ලිම් නායකයෝ කීහ.

මුස්ලිම් ජනතාවගේ නාමයෙන් ත්‍රස්තවාදී කණ්ඩායමක් සිදුකළ විනාශකාරී ක්‍රියා ඔවුන් හැර වෙනත් කිසිදු මුස්ලිම් නායකයකු නොදන්නා බවද එහිදී මුස්ලිම් නායකයෝ කීහ.

මාතෘභූමිය ආරක්ෂා කරගැනීමේ වගකීම සෑම මුස්ලිම්වරයකුටම ඇති අතර ඒ සඳහා වගකීමෙන් කටයුතු කරන්නැයි තම ජනතාවට පණිවිඩ ලබාදුන් බවද ඔවුහු කීහ.

ත්‍රස්තවාදී ක්‍රියා, අන්තවාදී ක්‍රියා හෝ අහිංසක ජනතාවට හිරිහැර කිරීම කුරානයේ හෝ වෙනත් මුස්ලිම් ඉගැන්වීමක නැතැයිද සුළු කණ්ඩායමක් සිදුකළ විනාශය හේතුවෙන් අද මුළු මහත් මුස්ලිම් සමාජයම කම්පනයකට පත්ව සිටින බවද මුස්ලිම් නායකයෝ පැවසූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න