සිරිසේන විශ්වාස නෑ : හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නයක් !

සිරිසේන විශ්වාස නෑ : හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නයක් !

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලාගේ ප‍්‍රධානත්වයෙන් මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බව ජනපති සිරිසේන පවසයි.

ඊයේ (08) කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හේෂාගේ ප්‍රශ්නය !

කෙසේ වෙතත් ජනාධිපති සිරිසේනගේ මේ ප්‍රකාශය විශ්වාස කළ නොහැකි බවට දේශපාලන ක්ශේත්‍රයේ අදහස් පළවෙමින් තිබේ.

මීට අදාල ප්‍රසිද්ධ විවේචනයක් සිදුකළේ එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින්‍ ය.

ඔහු පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඔහුගේ පුතාට මිලියන 500ක කොටස් හිමිකාරිත්වයක් තිබීම සම්බන්ධවය.

එම ප්‍රශ්නය මන්ත්‍රීවරයා යොමුකර සිටියේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන වෙතය. එහිදී වැඩිදුරටත් ඒ ගැන සොයා බැලීමට අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුර විය.

රවුෆ් හකීම් අමාත්‍යවරයා ද පවසා සිටියේ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් සිදුකිරීම අනුමත කරන බවය.

සිරිසේන විශ්වාස නෑ !

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යන බවට ජනාධිපති සිරිසේන කරන ප්‍රකාශය විශ්වාස කළ නොහැකි බවය .

ඒ මේ විශ්වවිද්‍යාලයේ ආරම්භය පවා ලෝකය රවටා සිදුකර තිබීමත් දේශපාලන හිතවත්කම මත හිස්බුල්ලා පවුල වෙතින් මෙහි හිමිකාරිත්වය වෙනස් කරන්න ජනාධිපති මැදිහත් නොවනු ඇති බවට වන පුරෝකතනය අනූවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න