ලංකාවට අලුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හදුන්වා දෙයි !

ලංකාවට අලුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හදුන්වා දෙයි !

වැඩි ජන සංඛ්‍යාවක් ජීවත්වීම හා සේවා සැපයිමී සඳහා ආවරණය කළ යුතු භූමි ප්‍රමාණය විශාල වීම, ප්‍රවේශ අපහසුතා යනාදී මහජනයා වෙත රාජ්‍ය සේවා සැලසීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා මඟහරවා ගැනීම වෙනුවෙන් දැනට පවතින නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ස්ථාපිත කර තිබේ.

මේ අනුව හික්කඩුව ප්‍රදේශිය ලේකම් කොට්ඨශසය හික්කඩුව, රත්ගම, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙසත්, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බද්දේගම හා වඳුරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙසත් බලන්ගොඩ ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාසය බලන්ගොඩ හා කල්තොට ප්‍රාදේශීය ලේකම් කෙට්ටාස ලෙස උත්ශ්‍රේණිගත කිරීමටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, තලවකැලේ, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, නෝර්වුඩ් ලෙස හා වව්නියා දිස්ත්‍රික්කයේ ඔමන්තේ ලෙස නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙස පිහිටුවීමටත් නියමිතය.

2012 වසරේ සීමා නිර්ණය කමිටුවේ නිර්දේශවලට අනුව මෙම නව ප්‍රා දේශීය ලෙක්ම් කොට්ඨාස ස්ථාපිත කර තිබේ. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න