ජනාධිපති සිරිසේන තිරුපති ගියේ පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන - විමල් වීරවංශ

ජනාධිපති සිරිසේන තිරුපති ගියේ පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන - විමල් වීරවංශ

අප්‍රේල් 16 වනදා ජනපති සිරිසේන තිරුපති වන්දනාවේ ගියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරයි.

ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ චෝදනාව එල්ල කලේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් දක්වන අවස්ථාවේද ඊට බාධා කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමසා සිටියේ 2015 ජනාධිපති කරන විට සිරිසේනගේ මේ චපල ක්‍රියා නොදැන සිටියාද කියාය.

එසේම ජනාධිපති සිරිසේන පමණක් නොව අග්‍රාමාත්‍යවරයා නුවරඑළියට ගියෙත් පාස්කු ප්‍රහාරය ගැන දැනුවත් ව බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න