ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන්ට සිය සේවා කාලයට අදාලව දණ්ඩමුක්තිය ලබාදීමට කටයුතු යොදන ලෙසට වන ඉල්ලීමක් ජනාධිපති සිරිසේන වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
මෙම ඉල්ලීම ඇතුළු යෝජනා කිහිපයක් ජනාධිපති සිරිසේන වෙත ලබාදී ඇති අතර ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසිනි.
එම යෝජනාවලිය සකස්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඔහුගේ හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිපදෙනකු විසින් ය.
එම යෝජනාව අනුව ඔත්තු සේවා ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් සිය සේවා කාලය තුළ සිදුකරන දේ සම්බන්ධව දඩුවම් වලින් නිදහස්ව තැබීම වෙනුවෙන් ඔවුන්ට දඩුවමකට යටත් කළ නොහැකි (දණ්ඩමුක්තිය ) විශේෂ අනපනත් සකස් කිකිරීමට යෝජනා කර ඇත.
මෙම වාර්තාව විපක්ෂ නායක මහින්ද ගේ දැනුම්දීම මත මෙම විශ්‍රාමික හමුදා නිලධාරීන් සකස්කර ඇති අතර එය පසුගිය 03 වන දින ජනාධිපති සිරිසේනට ලබාදී තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් මානව හිමිකම් සංවිධාන සදහන් කරන්නේ අදාල යෝජනාව හරහා සිවිල් වැසියන් දැඩි අනතුරකට හෙළන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
