ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ බෝම්බ විශේෂඥයා ලෙස කටයුතු කර ඇත්තේ අච්චි මොහොම්මදු හස්තුන් නැමැත්තා බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.
මීගමුව කටුවපිටිය පල්ලිය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ඇත්තේද ඔහු බවත් ආරක්ෂක අංශ සදහන් කරයි.
ඔහුගේ බිරිඳ සයින්දමරදු පිපිරීමෙන් මියගිය සාරා ලෙසත් ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් පදිංචිව සිට ඇත්තේ A. H.C. පාර, වාලච්චේන ලිපිනයේ බවත් සදහන්ව ඇත.
එසේම මේ ප්‍රහාර සදහා මුදල් ලබාදී ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහිම් පවුල විසින් බවත් ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
