“හුස්ම ගැනීමට ඉඩ දියව්” වෙනසක තාරුණ්‍ය මහනුවර විරෝධතාවක

“හුස්ම ගැනීමට ඉඩ දියව්” වෙනසක තාරුණ්‍ය මහනුවර විරෝධතාවක

අධික රථවාහන තදබදය සහ නාගරික කටයුතු විධිමත්ව කළමනාකරණය නොකිරීම හේතුවෙන් ජනතාව වායු දුෂණයේ ගොදුරක් බවට පත්වීමට විරෝධය පළකරමින් වෙනසක තාරුණ්‍ය සංවිධානය විරෝධතාවක් පවත්වනු ලැබිණ.

“හුස්ම ගැනීමට ඉඩ දියව්” යන සටන් පාඨයෙන් යුතුව මහනුවර සංවිධානය කර තිබු එම විරෝධතාවයේදී වායු දුෂණයට එරෙහිව බැනරයක්ද අත්සන් කෙරිණ.

තම විරෝධතාවයේ අරමුණ පැහැදිළි කරමින් වෙනසක තාරුණ්‍ය සංවිධානය සඳහන් කර සිටියේ වායු දුෂණය හේතුවෙන් ගර්භනී මවුවරුන්ගේ කළලවල සිටින කුඩාම දරුවා පවා මේ හේතුවෙන් ජීවිත කාලයටම බලපාන ආබාධ වලට ලක්වීමේ අවධානමක් ඇති බවත් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා වගකිවයුත්තන්ට බලකිරීමට ජනතාව දැනුවත් කිරීමේ පියවරක් ලෙස මෙය සංවිධානය කළ බවය.

මෙම අවස්ථාව සඳහා වෙනසක තාරුණ්‍ය සංවිධායක සුජිත් කුරුවිට ඇතුළු ක්‍රියාකාරීන් සහභාගීව සිටියහ.

26219871 920684261441370 2649120956315655120 n

26220176 920585984784531 2292770379346806662 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න