පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීම ජනාධිපති සිරිසේන විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න හා කබිර් හෂීම් යන අමාත්‍යවරුන් ඉකුත් අඟහරුවාදා (30) ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට ඇත.
එහිදී ජනාධිපති සිරිසේන දැඩි ස්ථාවරයක සිට පවසා ඇත්තේ කිසිම හේතුවක් මත ෆොන්සේකා මන්ත්‍රීවරයට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබානොදෙන බවය.
කෙසේ වුවත් නීතිය හා සාමය අමාත්‍යාංශය වෙනත් අමාත්‍යවරයෙකුට පැවරීමේ සූදානමක් ගැන මාධ්‍ය වාර්තා පළවූවත් ජනාධිපති සිරිසේන පාර්ශවයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ එළැඹෙන ජනාධිපතිවරණය දක්වා අදාල අමාත්‍යාංශය ජනාධිපති යටතේම තබාගනු ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
