මරාගෙන මැරෙන පිපිරීම් දෙකක් සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ තිබී රුපියල් කෝටි 3 ක් වටිනා නිල් මැණික් තුනක්, රුපියල් කෝටියකට අධික වටිනා දෙස් විදෙස් මුදල්, ලක්ෂ 15 කට අධික වටිනා රන් භාණ්ඩ සොයාගෙන ඇත.
අදාල නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෝදිසි කිරීමේදී මේවා හමුව තිබේ.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකරද තහවුරු කර සිටියි.
මෙම නිවස කෝටිපති ව්‍යාපාරිකයකු සතු නිවසක් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි වැඩිදුරටත් සෝදිසි සිදුකරන බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
