වැල්ලවාය මහවෙලමුල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට ඉකුත් 26 දා රාත්‍රියේ අත්බෝම්බයක් දමා ගැසීම සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට නිවසේ ජනේලයකින් අත්බෝම්බය නිවසට ගසා ඇති නමුත් එය පුපුරා ගොස් නැත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය රණවරාව, සෙල්බාව, තෙළුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
