කල්මුණේ ප්‍රදේශයේදි සිදු කළ විශේෂ මෙහෙයුමේදී දිවිගලවා ගත් කාන්තාව සහ දරුවා ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ නායකයා සහ මෙරට අයි.එස් අනුගාමිකයින්ගේ ප්‍රධානියා, එනම් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව ප්‍රධාන සැකකරු වන සහරාන් හාෂිම් ගේ බිරිඳ සහ දරුවාද යැයි සැක මතු කෙරේ.
මෙහිදි කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ සැකසහිත නිවසේ සිටි ත්‍රස්තවාදීන් හා ආරක්ෂක අංශ අතරද වෙඩි හුවමාරුවක් සිදු විය .
එහිදි එම නිවස තුළදි පිපිරිම් සිදු වු අතර ,ත්‍රස්තවාදීන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.
එම නිවස සෝදිසි කිරිමකට ලක් කිරිමේදි එම නිවස තුළ සිටි මෙම කාන්තාව සහ දරුවා හමු වි ඇත.
ඉන් අනතුරුව හමුදාව මැදිහත්ව මොවුන් අම්පාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර සිදුකරන අතර මේ සහරාන්ගේ බිරිඳ සහ දරුවා බවට සැක පළ කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
