වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවීම හේතුවෙන් ඉස්ලාම් සංවිධාන 2ක් තහනම් කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇත.
ඒ ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි(JMI) සංවිධානය.
හදිසි අවස්ථා නියෝග යටතේ ශ්‍රී ලංකාව තුළ මෙම තහනම පැනවීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇති අතර ඒ අනූව එම සංවිධාන වලට අයත් නිශ්චල සහ චංචල දේපළ හා ඒවායේ ක්‍රියාකාරීත්වය තහනම් වෙයි.
තවද ඉදිරි විමර්ශන අනූව අනෙක් අන්තවාදී සංවිධාන සම්බන්ධව පියවර ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
