රථවාහන දඩ CCTV මගින් : අත්හදා බැලීම පෙබරවාරියේ

රථවාහන දඩ CCTV මගින් : අත්හදා බැලීම පෙබරවාරියේ

CCTV කැමරා මගින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගෙන එම වැරදි කරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය ශ්‍රී ලංකාවේදී ලබන පෙබරවාරි මස අත්හදා බලන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

විශේෂයෙන්ම කොළඹ හා ප්‍රධාන නගරවල මාර්ග හා මන්සන්ධි CCTV කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා පොලිසිය කලක පටන් සිදුකරයි.

රථ වාහන අනතුරු සඳහා එමගින් වැරදිකරුවන්ට දඬුවම් දීමට එම තාක්ෂනය උපයෝගිකරගත්තත් සාමාන්‍ය රථ වාහන වැරදි සඳහා දඩ ලබාදීමේ ක්‍රමයට තවමත් එම CCTV කැමරා භාවිතය ආරම්භ කර නොමැත.

සාමාන්‍යයෙන් යුරෝපා රටවල ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමය වන අතර දඩ කොලය කළ වැරැද්දේ ඡායාරූපය සමග වාහනයේ අයිතිකරුගේ නිවසට එවීමට කටයුතු කෙරේ.

දැන් ශ්‍රී ලංකාවේ ද රථ වාහන දඩ කොල නිකුත් කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිතා කිරීම අත්හදා බැලීමට ශ්‍රී ලංකා පොලීසය සුදානම් වේ.sagala 1

"වැරද්ද කරපු අවස්ථාවේ ඡායාරූපයක්, වැරුද්ද මොකක්ද කියන දේත් එක්ක දඩ කොලය ගෙදරට යවන ක්‍රමය ලබන පෙබරවාරි මාසයේ දී අපි අත්හදා බලන්න කටයුතු කරනවා. එතකොට ඉතින් උසාවියට ගිහින් තර්ක කරගන්න පුළුවන්" පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මෙම ක්‍රමය අත්හදා බැලීම ගැන මාධ්‍යට අදහස් දැක්වුයේ එලෙසය.

කවුරු වැරදි කරලා තිබුණත් හැම වෙලාවෙම බැණුම් අහන්නේ පොලිස් නිලධාරියා. කවුරු මොනවා කිව්වත් ඒවාට උත්තර දෙන්න නොයා නිශ්ශබ්දව අදාළ වැරුද්දට සරිලන දඩ කොලය දෙන්න" ඇමතිවරයා මහාමාර්ගවලට රියදුරන්ට දඩ කොල ලබාදීමේදී පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු ගැන අදහස් දැක්වුයේ එලෙසය.

 "දිනකට මරණ 10 ක්"

 97416084 p05cldcsමෙම නව ක්‍රමය මගින් පොලිස් නිලධාරියා හා රථ වාහන හිමියන් අතර ඇතිවන මෙම ගැටලු බොහෝ දුරට මගහරිනු ඇති බව පොලිසිය විශ්වාස කරයි.

මෙම අත්හදා බැලීම කොළඹ නගරයේ ප්‍රධාන මංසන්ධිවල ඇති රථවාහන නිරීක්ෂණ කැමරා මගින් මුලින්ම අත්හදා බලන බව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

රථවාහන රාජකාරි සඳහා පොලිසියේ නිලධාරීන් යෙදවීම අඩුකිරීමට ද පැය 24 ම රථවාහන ගැන නිරීක්ෂණය සිදුවීම ද මෙමගින් සිදුවන බව ඔහු සඳහන් කළේය.

රථ වාහන අනතුරු නිසා ශ්‍රී ලංකාවේ දිනකට මරණ 10ක් පමණ සිදුවන බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක පසුගියදා උත්සවයක් අමතමින් පැවසීය.

රථවාහන රියදුරන්ගේ විනය ඇතිකර මාර්ග අනතුරු අඩුකිරීමේ ක්‍රමයක් ලෙස රථවාහන දඩ මුදල් වැඩිකිරීමට ද ආණ්ඩුව පසුගිය වර්ෂයේ කටයුතු කළේය.

(බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න