කොළඹ ප‍්‍රදේශයේ පිපිරුම් සඳහා පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ බව කියන වෑන් රථයක් හා මෝටර් රථයක් දෙමටගොඩ දී හා වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
වෑන් රථය වැල්ලවත්ත රාම කි‍්‍රෂ්ණ පාරේ දී ද, මෝටර් රථය දෙමටගොඩ මහවිල උද්‍යානය පිපිරුම සිදු වූ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව එම ආරංචි මාර්ග සදහන් කර සිටියි.
වැල්ලවත්ත රාමකි‍්‍රෂ්ණ පාරේ වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි රියදුරු ද සමඟ බවද පොලිසිය සදහන් කරන අතරමෝටර් රථය අද පිපිරීම සිදු වූ මහල් නිවස ඉදිරිපිට නවතා තිබීයදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර එහි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් මිල දී ගත් වතුර බෝතලයක් ද තිබූ බවත් දැනගන්නට ඇත.
මරාගෙන මැරෙන ප්‍රහාර !
එසේම මෙම එල්ල වූ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර බවටද පොලිස් ආරංචි මාර්ග සදහන් කර ඇත.
කොච්චිකඩේ සහ මීගමුව දේවස්ථාන තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන හිස් දෙකක් ගැන වැඩිදුරටත් විමර්ශන සිදුවන බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
