බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ පරීක්ෂණ 34ට අනුව රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 15,000ක් බව දූෂණ විරෝධී හඬ හෙළිදරව් කරයි.
විශේෂයෙන්ම එකී පරීක්ෂණ අතර රටේ වඩාත් ආන්දෝලනයට තුඩු දුන් ඇවන්ගාඩ් ගනුදෙනුව හරහා රටට වූ පාඩුව රුපියල් මිලියන 11,000ක් බව එම සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ පැවැසීය.
අදාළ පරීක්ෂණ වාර්තාවලට නඩු පවරා, රජයට අහිමි වූ රුපියල් මිලියන 15,000 නැවත පවරා ගැනීමේ කටයුතු ප්‍රමාද කරන්නේ නම් ඊට එරෙහිව නඩු මඟට බැසීමට සූදානම් බවද සමරසිංහ මහතා කීය.
එම පරීක්ෂණ වාර්තා 34හි කරුණු තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගැනීමට කටයුතු කරන බව ඒ මහතා පැවැසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
