'මීළඟ අගමැති තෝරන්නේ ජනපති මෛත්‍රීයි' - ඉසුර

'මීළඟ අගමැති තෝරන්නේ ජනපති මෛත්‍රීයි' - ඉසුර

මීළඟ රජයේ අගමැති හා අමාත්‍යවරු කවුරුන් ද යන්නේ තීරණය කරනු ලබන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“පස්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හෙට අනිද්දා තීරණයක් දෙනවා. ඒ තීරණයෙන් තමයි කට්ටිය රත් වෙන්නේ. ඔක්කොම හිතුවා 2020 දී තමයි ජනපතිගේ නිල කාලය අවසන් වෙන්නේ කියලා. නෑ. මේ 19 වැනි සංශෝධනය අපේ ජනපතිවරයාට වලංගු වෙන්නේ නෑ.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට 2021 වනතෙක් තමන්ගේ ධුර කාලයේ රැඳී සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව ලැබී තිබෙනවා.

ඊළඟ රජයේ අග්‍රාමාත්‍යවරයා කවුද කියලා තීරණය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයායි. ඒ වගේම එහි කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු තෝරා ගනු ලබන්නේත් ඔහු විසින්මයි.

2021 වන තෙක් මේ රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහහස් පක්ෂය හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයායි. “ යැයි ද පවසා සිටියේය.

(අද)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න