ගම්පහ වීගඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 75කට අධික මුදලක් වංචා කර එහි සභාපතිවරයා අද(19) ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සභාපතිවරයා ගම්පහ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5,000කට ආසන්න සංඛ්‍යාවකගේ මුදල් වංචා කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
පොලිසිය මගහරිමින් සිටි සැඟවී සිටි සභාපතිවරයා, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයකු අද(19) ලබාදුන් තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පදවාගෙන පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
