කළුතර මහ රෝහලේ දී මළ සිරුරු 05 ක් ඥාතීන්ට බාරදීමේ දී මළ සිරුරු මාරු වී බාරදීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට නියෝග ලබා දි ඇත.
මළසිරුරු 05 ක් ඥාතීන්ට බාරදීමේ දී මාරුවීමක් සිදුවීම හෙතුවෙන් කළුතර මහ රෝහල් භූමියේ ඊයේ (18) පස්වරුවේ නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී ඇත. මේ පිළිබදව ප්‍රදේශවාසීන් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලදි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් සෞඛ්‍ය සේවකයෙක් වරදකරුවෙකු වුවහොත් විනයානුකූල පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
