ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරීය තීන්දු කර තිබේ.
අද (05) මෙම තීන්දුව ගෙන තිබෙන අතර ඊට අදාල චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
ඊට අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ ඉකුත් මාර්තු මාසයේ ඔවුන් ලබාගත් වැටුපෙන් සියයට 85 ක ප්‍රමාණයකි.
ලංකා විදුලි බල මණ්ඩල පාලනාධිකාරිය මෙම තීන්දුව ගෙන තිබෙන්නේ ඉංජිනේරුවන්ට ඉකුත් 2015 වසරේ සිට නව වැටුප් තලයක් ලබා දීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා තීන්දු කිරීමත් සමගය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
