අගවිනිසුරු නලින් පෙරේරා අප්‍රේල් 28 වනදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.
ඒ වෙනුවෙන් වන සමුගැනීමේ උත්සවයක් අද (05) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
මෙරට 46 වන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන් නලින් පෙරේරා මෙරට අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදුන් අගවිනිසුරුවරයෙක් ලෙස සැලකිය හැකියි.
ඒ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඉකුත් නොවැම්බර් මස 10 වෙනිදා ජනාධිපති සිරිසේන විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් විභාගයේ මුලසුන හොබවමින් එම ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරමින්.
නීතිඥවරයෙක් වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් සිය විනිසුරු දිවිය ආරම්භ කළ වත්මන් අගවිනිසුරුවරයා මෙරට අධිකරණ ඉතිහාසයේ සිටින අත්දැකීම් බහුල විනිසුරුවරයෙක් ලෙසද ප්‍රසිද්ධයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
