අල්ලස් කොමිසම අක්‍රීයවීම ගැන ජනාධිපතිවරයා වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට හේතුව කුමක්ද යන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතු බවද එහිදී මන්ත්‍රීවරයා සදහන් කර ඇත.
අල්ලස් කොමිසම දේශපාලකයන්ට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීමෙන් එය දේශපාලන හස්තයකට හසුව ඇති බව පෙනෙන්නේ යැයිද අනුර දිසානායක මහතා කීවේය.
ජනාධිපතිවරයා කිහිප වරක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි කී මන්ත්‍රීවරයා එය ශ්‍රේෂ්ඨාධිකරණය ද තහවුරු කර ඇති බව පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
