ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
පසුගිය ජනවාරි මස සාමූහික ගිවිසුම අත්සන් කිරීම තුළින් සැබෑ ලෙසම වතු කම්කරුවන්ට හිමි වූයේ රු 20.00 ක පමණ වැටුප් වැඩිවීමක් පමණක් බැවින් දමිළ ප්‍රගතිශීලී සන්ධානය එයට විරුද්ධ වූ බවද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක , කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර , දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේසන්, නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි තිගාම්බරම් , නියෝජ්‍ය නායක අමාත්‍ය වී රාධ ක්‍රිෂ්නණ්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් යන අය සහභාගී විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
