Image

නව නාවික හමුදාපතිවරයෙක් පත්වෙයි !

නව නාවික හමුදාපතිවරයෙක් පත්වෙයි !

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කර ඇත.

ඔහු අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටි බවද වාර්තා වෙයි.

මේ අතර අද (31) විශ්‍රාම යන නාවික හමුදාපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ වෙත සේවා දිගුවක් ලබාදීමට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යෝජනා කර ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

‘‘කිසිම විදිහකින් මට සේවා දිගුවක් එපා.. මම එහෙම කළොත් මගෙ දෙවැනියා මට සාප කරයි. මගෙ දෙවැනියාත් නාවික හමුදාපති විය යුතුයි. මම තවත් සේවා දිගුවක් ලබාගත්තොත් එවැනි කිහිප දෙනෙකුට උසස්වීම් නැති වෙනවා...“ එහිදී ඔහු පවසා ඇති බවත් දැනගන්නට ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න